Description

පෙරවදන
රුසියානු සාහිත්ය පිලිබදව මගේ උනන්දුව දියුණු වුයේ මගේ ගුරුවරයෙකු වූ විනී හබක්කල මහතා නිසා ය. හිඟුරක්දමන ප්රදේශය ඕස්සේ ගලාගිය මින්නේරි ඔය මිටියාවතේ කුඩා නිවසක් ඉදිකොට ගෙන ගොවිතැනෙහි යෙදුනු මා එහි කැඳවාගෙන ගොස් විවිධ පොත පත මට ලබාදෙමින් සිංහල සාහිත්ය මෙන්ම රුසියානු ප්රංශ හා ඉංග්රීසි සාහිත්ය කියවිමටද මා යොමු කළේ ය. විශ්වවිද්යාල අධ්යාපනය ලබන කාලය තුල හමු වූ ගුරුවරුන් ද සාහිත්යකාමී විවිධ හිතවතුන් ද නිසා මගේ සාහිත්ය රුචිකත්වය වියැකි යා නොදි පවත්වා ගත හැකි විය.
රුසියානු ලේඛක ව්ලැඩිමිර් ගුබර්යේෆ්ගේ මෙම සාකොෆාග් නාට්යය පිලිබඳ මගේ උනන්දුව ඇති කලේ නාට්ය අධ්යක්ෂවරයෙකු වන රජිව් ආනන්ද මහතා ය. සෝවියට් දේශයේ චර්නෝබිල් හි පිහිටි න්යෂ්ටික බලාගාරයක් පුපුරා යාම නිසා විශාල විනාශයක් සිදුවිය.මෙම විනාශය කෙතරම් කලක් අනාගතයට විහිදේවි ද යන්න එම නාට්යේ සංවාදයක මෙසේ දක්වෙයි.

![Info - Travel Polonnaruwa [Sinhala]](https://neptunepublications.com/wp-content/uploads/2026/01/011-410x410.jpg)
![Info - Travel Kandy [English]](https://neptunepublications.com/wp-content/uploads/2026/01/Kandy-English-410x410.jpg)


Reviews
There are no reviews yet.