Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

Carbon Shunya Anagathaya

රු1,800.00

 

Author: Fen Jun
Size:   28.5 cm x 22.0 cm x 1.3 cm
Weight:   605g

ISBN: 978-624-6335-64-9

Description

මානව සමාජය ප්‍රාථමික ශිෂ්ටාචාරයේ සිට කෘෂිකාර්මික ශිෂ්ටාචාරය හා කාර්මික ශිෂ්ටාචාරය දක්වා පරිවර්තනීය අවධීන් කිහිපයක් හරහා පරිණාමය වී ඇත. අද අපි නව යුගයකට, එනම් පාරිසරික ශිෂ්ටාචාර යුගයට පැමිණ සිටිමු. එහි දී වඩාත් සුසංයෝගී සහ තිරසාර ලෝකයක් ගොඩනැගීමට ගන්නා උත්සාහයේ දී, පාරිසරික ශිෂ්ටාචාරය පිළිබඳ චීනයේ සංකල්ප සහ වැඩසටහන්, ජාතික පුනර්ජීවනය පිළිබඳව චීන සිහිනය සැබෑ කර ගැනීම සඳහා කේන්ද්‍රීය සාධකයක් වී ඇත.

මෙම දැක්ම මගින් අවධාරණය කරන්නේ සොබාදහමට ගරු කරන, අනුවර්තනය වන සහ එය ආරක්ෂා කරන වඩාත් හොඳ ජීවිතයක් පෙරදැරි වූ උත්තරීතර මානව අභිලාෂය යි. එය හරිත නිෂ්පාදන ආකෘති සහ තිරසාර ජීවන රටාවන් අනුගමනය කිරීම ඉල්ලා සිටී. ”හරිත ජලය සහ සශ්‍රීක කඳු, රන් හා රිදී කඳු තරම් වටින්නේ ය” යන කියමනට අනුව, අපගේ වගකීම වර්තමාන පරම්පරාව සඳහා සාධාරණ පරිසරයක් නිර්මාණය කිරීම අභිභවා ඉදිරි පරම්පරාවන් වෙත උරුම කිරීම සඳහා පැහැදිලි අහස, හරිත භූමිය සහ පිරිසිදු ජලය ආරක්ෂා කර දීමෙන් අන්තර් පරම්පරා සමානාත්මතාවය ආරක්ෂා කිරීම ය. සෑම පරම්පරාවකට ම සැබවින් ම යහපත් ජීවිතයක් භුක්ති විඳිය හැකි වන්නේ එවිට පමණි.

කුඩා කල සිට ම මෙම දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා, ජියැංසු ෆීනික්ස් ළමා ප්‍රකාශන ආයතනය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ පක්ෂ ඉතිහාස ප්‍රකාශන ආයතනය එක් ව ප්‍රකාශයට පත් කරන ලද “ළමා හදවත් සුන්දර නව යුගයක් ගොඩනගයි” පොත් මාලාව වටිනා සම්පතකි. හරිත ජලය සහ හරිත කඳු, සුන්දර මුහුදු බොක්ක, ජාතික වනෝද්‍යාන සහ කාබන් ශුන්‍ය අනාගතය වැනි මාතෘකා දරුවන්ට පාරිසරික ශිෂ්ටාචාරය පිළිබඳ පරිදර්ශක දැනුමක් ලබා දෙයි. මෙම පොත් මිනිසුන් සහ සොබාදහම අතර සුසංයෝගී සහජීවනය, සමුද්‍ර ආරක්ෂාව, ජෛව විවිධත්වය සහ කාබන් අඩු කිරීම වැනි තේමාවන් පිළිබඳ ව ගවේෂණාත්මක අවබෝධයක් ලබා දෙයි. විද්‍යාත්මක සත්‍ය තොරතුරු මත පදනම් ව කතන්දර ඉදිරිපත් කිරීම තුළින් ඒවා තරුණ පාඨකයන්ට මාතෘ භූමියේ ස්වාභාවික සුන්දරත්වය අගය කිරීමට සහ සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා බෙදා ගත් අනාගතයකට දායක වීමට ද ඔවුන් ව පොලඹවනු ඇත.

වඩාත් වැදගත් වන්නේ මානව වර්ගයා යනු අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ ද අප සියල්ලන් ම බව වටහා ගැනීම ය. චීන අත්දැකීම් සහ උදාහරණවලින් පොහොසත් මෙම පොත් එකතුව ළමා සාහිත්‍යයටත් වඩා එහා දැක්මකි. එය අපගේ පෘථිවිය සහ ඉදිරි පරම්පරාවන් ගැන සැලකිලිමත් වන සියලුම වයස්වල සහ ජීවන තරාතිරම්වල පාඨකයින්ට දෙනු ලබන අර්ථවත් වටිනා තෑග්ගකි.

Additional information

Weight 0.605 kg
Dimensions 285 × 220 × 13 mm

Reviews

There are no reviews yet.

Be the first to review “Carbon Shunya Anagathaya”
Carbon Shunya Anagathaya
You're viewing: Carbon Shunya Anagathaya රු1,800.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close