Description
පාඩම් දුසිමකට වඩා එක කතාවක් හොඳයි යනුවෙන් කියමනක් ඇත. 2013 සහ 2014 වසරවල චීනයේ තරුණයන් වෙනුවෙන් වෙන් කළ දිනවලදී තරුණ නියෝජිතයන් සමඟ පැවති සම්මන්ත්‍රණවලදී, ෂි ජින්පිං තරුණ තරුණියන්ට තම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සහ කියවීම පිළිබඳ ඔහුගේම ජීවිතයෙන් අත්දැකීම් උපුටා දක්වමින් හැකිතාක් අධ්‍යයනය කිරීමට උනන්දු කළේය. ඔහු “උගත් තරුණයෙකු” ලෙස ෂැන්සි පළාතේ ජීවත් වෙමින් වැඩ කරන කාලයේදී, කඳු බෑවුම්වල බැටළු රංචු දක්කාගෙන ගිය අතරතුරත්, කෙත්වතුවල උදැල්ලක් ගෙන වැඩ කරන විටත් පවා ඔහු කියවීම නතර කළේ නැත. එසේ ඔහුගේ අත්දැකීම් ප්‍රකාශ කිරීම, ඓතිහාසික පුද්ගලයින්ගේ වෙහෙසකර අධ්‍යයනයන්ගේ උදාහරන ගෙන හැර පෑමට වඩා බෙහෙවින් විචිත්‍රවත් සහ තරුණයින් වෙත බලපානු ලැබ ඇත. වත්මන් චීන ජනාධිපති ෂි ජින්පිං විසින් චීනයේ තරුණයන් වෙනුවෙන් පැවැත්වූ කතාන්දර සියයක උපුටා ගැනීම් සමඟ එම කතාන්දර වලට විද්වතුන් විසින් ලියන ලද විවරන සිංහල භාෂාවට පරිවර්තනය කර මෙම පොතෙන් සිංහල පාඨකයින් වෙත ඉදිරිපත් කර ඇත.




