Description
සාහිත්‍ය නිර්මාණකරුවා සමාජ මනස පෝෂණය කරන ජීව පදාර්ථයන් සම්පාදනය කරන්නෙකි. ඔහු ස්පර්ශ කරන අනුභූතින්හි ගැඹුරු යථාර්ථයන් සම්පාදනය කරන්නෙකි. ඔහු ස්පර්ශ කරන අනුභූතින්හි ගැඹුරු යථාර්ථයට කිමි දෙයි. ජීවිතය විනිවිදීයි. සෞන්දර්යාත්මක පරිකල්පනය නම් වූ සියුම් සැතින් සමාජය විදාරණය කරයි. එයින් නැවුම් භූමි වෙත ප‍්‍රවේශ වීමට මාවත් විවර කර ගනී. ලෝකයේ සියුම් චලන රිද්ම හ`දුනා ගනී. නව දෘෂ්ටි මානයන්ගෙන් මිනිසාට ගමන් දිසාවන් පෙන්නුම් කරයි. ඔහු සමාජ සත්‍යය එලෙසින්ම පිටපත් නොකර එය නවීකරණය කරන්නෙකි. ඊට අලූත් හැඩතල රුව ගුණ එක් කරයි. කාල් මාක්ස් දැක් වූ සෙයින් ‘‘විෂය ස`දහා ආත්මයක්ද ආත්මය ස`දහා නව විෂයක් ද ලබා දෙයි.’’

We all are Sri Lankans
Reviews
There are no reviews yet.