Description
ප‍්‍රහාර හමුවේ ස්ත‍්‍රීවාදීන් ගැටුම් කලාපවල ජීවත් වන ගැහැනුන් ගැන කෘතියකි. එය ශ‍්‍රී ලංකාවේ සහ කලින් පැවති යුගොස්ලාවියාවේ සිවිල් යුද්ධවල ජාතිවාදය සහ මුදමය ප‍්‍රචණ්ඩත්වය විභාග කරයි. ප‍්‍රදේශ දෙක අතර සමාන අසමානකමම්ද ගැහැනුන්ට සහ ස්ත‍්‍රීවාදී දේශපාලනයට එහි බලපෑම් ද ඔවුහු විභාග කරති.
යුද්ධය ගැන ගැහැනුන්ගේ අත්දැකීම් සංකෘර්ණ ය. යුද්ධ ප‍්‍රචණ්ඩත්වය ඔවුන්ට පීඩාකරන අතර සම්ප‍්‍රදායික සමාජවල ජීවත්වන සමහර ගැහැනුන්ට ඒත්තු යන්නේ යුද්ධය සමහර පීඩාකාරී ධූරාවලින්ගෙන් ඔවුන් නිදහස් කරන බව ය. තවත් අය දකින්නේ එයින් සම්ප‍්‍රදායික සමාජ ලිංගික භූමිකාවන් වැරගන්වෙන බව ය.
මෙම ලිපි ගෘහීය ප‍්‍රචණ්ඩත්වය, ස්ත‍්‍රී ¥ෂණය අන්තර් විවාහ, අසාධාරණයට ලක්වීම, ස්ත‍්‍රීවාදී සංවිධාන කටයුතු සහ ස්ත‍්‍රීන්ගේ යුධ විරෝධී කටයුතු සහ දේශපාලන ප‍්‍රතිරෝධය විභාග කරයි.
මෙම එකතුව බිහි වූයේ ජාත්‍යන්තර සාමූහික ප‍්‍රයන්තයක් වන ගැටුම් කලාප ජාලවල ගැහැනු නම් සංවිධානය තුළිනි.
වෙනෝනා ජයිල්ස් කැනඩාවේ ඇට්කින්සන්හි යෝර්ක් සරසවියේ සමාජ විද්‍යා විද්‍යාලයෙහි කථිකාචාර්ය සහ සහකාර මහචාර්යවරියයි. මාලතී ද අල්විස් කොළඹ ජනවාර්ගික අධ්‍යන ස`දහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ජේෂ්ඨ පරේයේෂිකාවක් වෙය.ි ඇය නිව්යෝර්ක් පාසලෙහි බාහිර සහකාර මහාචාර්යවරියක් වෙයි. එඩිත් ක්ලීන් ටොරොන්ටෝ සරසවියේහි රුසියානු සහ නැගෙනහිර යුරෝපිය අධ්‍යයන මධ්‍යස්ථානයේ නේවාසික ආචාර්යවරියක වෙයි. නෙලූකා සිල්වා ශ‍්‍රී ලංකාවේ කොළඹ සරසවියේ ඉංග‍්‍රීසි අංශයේ අංශ ප‍්‍රධානියා



![Info - Travel Kandy [Sinhala]](https://neptunepublications.com/wp-content/uploads/2026/01/Kandy-Sinhala-410x410.jpg)
![Info - Travel Polonnaruwa [Sinhala]](https://neptunepublications.com/wp-content/uploads/2026/01/011-410x410.jpg)

Reviews
There are no reviews yet.