Description
සීගිරිය හැදින්විම
ශ‍්‍රී ලංකාවේ මධ්‍ය ඓතිහාසික යුගයේ දී වඩා මවිත කරවන සු`ඵ සිද්ධි ඇති වු ස්ථානයක් ලෙස සීගිරිය සැලකිය හැකිය. එය වූ කලී සීගිරිය ඓතිහාසික වශයෙන් ඉතා කෙටි කාල පරිච්ජේදයක් සඳහා දේශපාලන මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට පැමිණි අවස්ථාවකි.
සීගිරියේ සංස්කෘතික උරුමයන් අතුරින් කීර්තිමත් රාජකීය ස්වභාවයකින් නාගරිකරණයට බඳුන් වූ ”නගර මධ්‍යස්ථානය” කැපී පෙනේ. සමහර විට පළමු සහශ‍්‍රකය තුළ දී දකුණු හා අග්නිදිග ආසියාවේ දැනට ශේෂව ඇති සැලසුම්ගත මහේශාක්‍ය මෙන්ම වඩා හොඳින් ආරක්‍ෂා වී ඇති නගර සීගිරිය විය හැකියි.
ඇත්ත වශයෙන්ම ආසියාතික නාගරිකරණය හමුවේ කරුණු කිපයක් මත විශේෂයෙන්ම අනපේක්‍ෂිත හා ප‍්‍රබෝධකරණ සැලැස්ම හා එහි ආකෘතිය ඇතු`ඵ සංකල්පමය රාමුව අතින් සීගිරිය අද්විතිය ස්ථානයක් නිරූපණය කරන බව දැක්විය හැකිය.සංස්කෘතික පද්ධතිය හමුවේ සීගිරියේ ක‍්‍රියාකාරිත්වය චක‍්‍ර නාභියක් පෙන්වන අතර එහි පරිමාණය පු`ඵල් ආකාරයේ ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.
සීගිරියේ නාගරික ආකෘතිය ජ්‍යාමිතික තත්ත්වයේ ලා සැලකිය හැකි ආයත චතුරාශ‍්‍රකාර හැඩයක් පෙන්නුම් කිරිමේ දී සීගිරි පර්වතය එහි මධ්‍ය ලක්‍ෂ්‍ය ලෙස සලකා බලා ඇත. පුරාවිද්‍යානුකූලව නාගරික සැලැස්ම නිර්මාණයකර ඇති පරිදි ආයත චතුරාශ‍්‍රකාරවූ සැලැස්ම උතුරේ සිට දකුණට කි.මී. 1ක් ද බටහිර සිට නැගෙනහිර ට කි.මී. 3ක් ද වන ලෙසින් යුක්ත වූ බව තහවුරු වී ඇත.
Reviews
There are no reviews yet.