Additional information
| Weight | 0.37 kg |
|---|---|
| Dimensions | 210 × 297 × 20 mm |
රු850.00
මීෂා සතුටින් විනෝදයෙන් තම පවුල සමඟ ගෙවූ සොඳුරු ළමා කාලය අවසන් වන්නේ නාසි හමුදාව ප්‍රාග් නුවර ආක්‍රමණය කළ පසුය. ගෘවන්බන් පවුලට ප්‍රාග් හි පිහිටි යුදෙව් මුඩුක්කු පෙදෙස වෙත යාමට බල කරනු ලැබුවේ ඉන් අනතුරුවය. එතැන් පටන් විනාශකාරී අහිමිවීම් මැද මීෂාත් ඔහුගේ මවත්, සහෝදරියත් ‘ටෙරිසීන්’ නාසි වද කඳවුරට පිටත් කරනු ලැබුවේ නාසි හමුදාව විසිනි.
‘ටෙරිසීන්’ කදවුරේදී මීෂා තවත් පිරිමි ළමයින් හතළිස් දෙනෙකු සමඟ කාමරයක රදවා තැබුවේය. ඔවුන් සියල්ල මීෂාට ලෙන්ගතු වූ සහෝදරයන් වැනි විය.
‘ටෙරිසීන්’ හි ජීවිතය අමිහිරි සහ විෂම විය. සමහර දිනක මිත්‍රකමේ සතුට, පාපන්දු ක්‍රීඩාවේ සතුට ගෙන දුන්නා සේම තවත් විටක සියලු දෙනාම ත්‍රාසයෙන් ඇලලී ගියේ නොම්මර ලැයිස්තු කියවා ඔවුන්ව ප්‍රවාහනයෙන් ‘නැඟෙනහිර’ ට ගෙන යන විටය.
මයිකල් තම ළමා කාලයේ මතකය අවදි කරමින් ‘හොලොකොස්ට්’ හෙවත් යුදෙව් සංහාරය කාලයේදී තම අත්දැකීම් ටොඩ් හසාක් ලොව් හට පවසන්නේ මෙම අපූරු සාහිත්‍ය ග්‍රන්ථයට පණ පොවමිනි.
| Weight | 0.37 kg |
|---|---|
| Dimensions | 210 × 297 × 20 mm |