උසස් සූක්‍ෂ්ම ආර්ථික න්‍යාය

250.00 රු

Book Details

Other Publications

ISBN : 978-955-52158-0-0
Author by : ආචාර්ය අතුල රණසිංහ
Translator :
Publisher :ත‍්‍රී වීලර් ප‍්‍රකාශකයෝ
Printed by : ආර්ථික විද්‍යාව අධ්‍යයන අංශය
Language : සිංහල
Pages :   133        Size : 145 x 227 x 8 mm     Weight (kg) :  0.180
E_Book :
Web :


Description :

SKU: Op_015 Category: Tags: ,

Description

මෙම පොත ලිවීමට අදහස් කළේ සිංහල බසින් ආර්ථික විද්‍යාව හදාරණ සිසුන්ට එම විෂයයේ වඩාත් සංකීර්ණ මාතෘකා පිළිබ`ද කියැවීම ස`දහාය. මෙම ආර්ථික විද්‍යාව පිළිබ`ද මූලික පාඨග‍්‍රන්ථයක් නොවන නිසා මෙම පොත නිර්දේශ වන්නේ විශ්ව විදයාල හා අනෙකුත් උසස් පාඨමාලාවන්හි දෙවන වසර හෝ ඊට ඉහළ සිසුන් හා පශ්චාත් උපාධි සඳහා ආර්ථික විද්‍යාව හදාරණ සිසුන් සඳහාය. කෙසේ නමුත් උසස් පෙළ ශ්‍රේණිවල ඉගැන්වීමේ යෙදී සිටින ගුරුවරුනට මෙහි ඇතැම් කොටස් අතිරේක කියැවීමක් ලෙස නිරේද්ශ කළ හැක.
බොහෝ උසස් ආර්ථික විද්‍යා පාඨමාලාවන්හි සාකච්ඡුාවට ගැනෙන පාරිභෝගික හා නිෂ්පාදක හැසිරීම පිළිබද විග‍්‍රහයේ මූලිකාංග, වෙළෙ`දපළ පිළිබ`ද මූලික විමසී ම්වැනි කරුණු මෙම පොතට පාදක කරුණු වශයෙන් සලකා නොමැත. එම කරුණු පළිබ`ද දැනට ලියැවී ඇති පොත්වල ප‍්‍රමාණවත් විමසීමක් සිදුව ඇතැයි විශ්වාස කරන නිසා ඒ පිළිබඳ උද්‍යෝගයක් දක්වන පාඨකයාට මෙම ප‍්‍රමාණවත් කෘතියක් නොවනු ඇත. මෙම කෘතිය ආමන්ත‍්‍රණය කරනු ලබන්නේ ඊට ඉහළ පාඨක සමූහයකි. එනම්, ඉහත දැක්වූ කරුණු පිළිබඳ දැනට ලියවී ඇති පොත්වල ප‍්‍රමාණවත් විමසීමක් සිදුව ඇතැයි විශ්වාස කරන නිසා ඒ පිළිබ`ද උද්‍යෝගයක් දක්වන පාඨකයාට මෙම ප‍්‍රමාණවත් කෘතියක් නොවනු ඇත. මෙම කෘතිය ආමන්ත‍්‍රණය කරනු ලබන්නේ ඊට ඉහළ පාඨක සමූහයකි. එනම්, ඉහත දැක්වූ කරුණු පිළිබ`ද මනා අවබෝධයක් ඇති පාඨකයාට එම න්‍යායන්හි පදනම හා ඉන් ඉදිරියට එළඹෙන බෙහෙවින්ම ප‍්‍රායෝගික වූ මාතෘකා කිහිපයක් පමණක් මෙම පොත මගින් පිරිනමනු ලබයි. නම් වශයෙන් ගතහොත් පාරිභෝගික හැසිරීම ආශ‍්‍රයෙන් මතුවන සුභසාධක සංකල්ප හා මිණුම්, පාරිභෝගික හැසීම පිළිබ`ද ලාක්‍ෂිනක විග‍්‍රහය, ආයතනික හා දේශපාලන ආර්ථික විද්‍යාවේ මූලිකාංග හ`දුන්වා දීම, තොරතුරු ආර්ථික විද්‍යාව, ක‍්‍රීඩා න්‍යාය, පොදු සමතුලිත හා සුභසාධක ආර්ථික විද්‍යාව, ක‍්‍රීඩා න්‍යාය, පොදු සමතුලිත හා සුභසාධක ආර්ථික විද්‍යාව හා අවදානම පිළිබඳ ආර්ථික විග‍්‍රහය මෙම පොතට අන්තර්ගත වී ඇත.
බොහෝ කරුණු පිළිබ`ද හැදෑරීම සඳහා මූලික ආර්ථික විද්‍යාව පිළිබ`ද දැනුමක් අවශ්‍ය වන නිසා එබ`දු දැනුමක් නොමැති අයට මෙම පොත රසවත් නොවනු ඇත. කසේ නමුත් මෙම ග‍්‍රන්ථයේ විෂය කරුණු ඉදිරිපත් කර ඇති අකාරයට අනුව කිසිදදු මූලික දැනීමක් නැති අයකෙුට වුව ද මෙම තනිවම කියවා තේරුම් ගත හැකියයි කල්පනා කරමි.
මෙම ග‍්‍රන්ථයේ ඇතැම් කරුණු ඉදිරිපත් කිරීමේ දී ගණිතමය සංකල්ප හා එම සංකේත භාවිතා වුවත් ඒවායේ භාවිතය අතයවශ්‍ය වන අවස්ථාවන්ට පමණක් සීමා කර ඇත. කෙසේ නමුත් ගණිතමය හැකියාවක් අඩු අයෙකුට වුවද පහසුවෙන් වටහා ගත හැකි පරිදි භාෂාව හසුරුවා ඇති නිසා මූලික සංකල්ප වටහා ගැනීටම ගණිතමය දැනීම බාධාවක් නෙවනු ඇත. කෙසේ නමුත් වඩාත් කාර්යක්ෂම භාවිතයක් සඳහා ගණිතමය දැනීම උපකාරී වනු ඇත.
සැබැවින්ම ඇවැසි වන්නේ ගණිතමය දැනුමකට වඩා ඒ පිළිබඳ ඇල්මක් පැවැතිීමයි.

Usas sukshama arthika nyaya-cover