Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

e – හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය

රු192.00

Book Details

ISBN : 978 – 955 – 0028 – 17 -7
Author : ජීවන සුරංග ගමගේ
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 96           Size : 148 x 210 mm      Weight (kg) : 0.155
E_Book : Available
Web :


Description : හෝර්ටන් තැන්න
පාරිසරික පුරාවිද්‍යාව ගැන මෙම අධ්‍යයනය ජෛව විවිධත්වය සහ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසකරණය ශාස්තී‍්‍රය පැහැදිලි කරයි. කතුවරයා පුරාවිද්‍යාඥයෙකි. ශිෂ්‍යයින්ට, පර්යේෂකයින්ට, ගුරුවරුන්ට මෙන්ම සංචාරකයින්ට ද එකසේ වැදගත් ය. ලංකාවේ දේශීය සංචාරකයින්ගේ නිම්වළලූ පළල් කරන්නකි.

, , ENp_010

Description

[pdf-light-viewer id=”1158″]

Horton Plains Cover

හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය
-පාරිසරික පුරාවිද්‍යාව, ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසකරණය හා ජෛව විවිධත්වය-

ශ‍්‍රී ලංකාව සුවිශේෂී භූගෝලීය පසුබිමක් යටතේ සැකසුණු දිවයිනක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවනු ඇත. ඒ අතරින් මධ්‍යම කඳුකරය සලකන්නේ අතිශය ආකර්ෂණීය පාරිසරික රටාවකට හිමිකම් කියන භූ කඩක් ලෙසයි. එම සුන්දර පරිසර රටාවට තව තවත් ආලෝකය එක් කරන සලකුණක් ලෙස හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය නම් දරා සිටී. ශ‍්‍රී ලංකාවේ උසින්ම පිහිටි තැනිතලා භූමි ප‍්‍රදේශය ලෙසටත් ඉහළ කඳුකර වැසි වනාන්තර ගති ලක්‍ෂණවලින් සමන්විත දිවයිනේ ප‍්‍රධාන ගංගාවන් කීපයකම ආරම්භක ජල පෝෂක ස්ථානය ලෙසටත් ආවේණික ශාක හා සත්ත්ව විශේෂවලින් ගහන වූ මනරම් භූමි භාගයක් ලෙසටත් දෙස් විදෙස් ජනයා අතර ප‍්‍රසිද්ධියට පත්ව තිබේ.

කෙසේ වෙතත් මෙම ග‍්‍රන්ථයේදී විෂයයන් කීපයක් දෙස අවධානය යොමු කිරීමේ අරමුණ පිළිබඳව පැහැදිලි කළ යුතුය. මින් පෙර සිදු වූ විවිධ පර්යේෂණ හා ගවේෂණයන් මූලික වශයෙන් එක් විෂයයක් හෝ මාතෘකාවක් පදනම් කොට ගෙන සිදුකරන ලද ඒවා විය. බොහෝ පර්යේෂකයන් හෝර්ටන් තැන්නේ ජෛව විවිධත්වය ආශ‍්‍රිත පර්යේෂණ සඳහා නැඹුර වූවත් එහි ඓතිහාසික සහ ප‍්‍රාග් ඓතිහාසික පසුබිම පිළිබඳ අවධානයක් යොමු නොකළෝය. ප‍්‍රාග් ඓතිහාසික තත්ත්වය පිළිබඳ බි‍්‍රතාන්‍ය පාලන අවධියේ සිට යම් යම් මතුපිට ගවේෂණයන් සිදුවුවත් එය පුළුල් වශයෙන් සාකච්ඡුාවට භාජනය නොවීය. පුළුල් ප‍්‍රාග් ඓතිහාසික ගවේෂණයක් සිදුවූයේ 1972 වර්ෂයේදීය. ඒ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජෙනරාල්වරයෙකු වූ ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ අධීක්‍ෂණයෙනි. නමුත් එයින් පසු ඒ පිළිබඳව විද්වතුන් අතර පුළුල් අවධානයක් මෙන්ම සංවාදයක් ද ගොඩනොනැගිණි. මෑතකාලීනව හෝර්ටන් තැන්න පිළිබඳව නවතම තොරතුරු අනාවරණය වූයේ කැළණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතාගේ යටතේ ආරම්භ වූ පරාග විද්‍යා පර්යේෂණවල ප‍්‍රතිඵලයක් ලෙසයි. එහිදී පුළුල් වශයෙන් හෝර්ටන් තැන්නේ අතීත පරිසර රටාව ක‍්‍රමානුකූලව ගොඩනැගීමට හැකියාවක් ලැබුණු අතර එම පරිසරයට ප‍්‍රාග් ඓතිහාසික ජන කොටස් මුහුණදුන් ආකාරය තක්සේරු කිරීමට හැකියාවක් ද ලැබිණ. විශේෂයෙන්ම මෙහිදී වඩාත් අවධානයට ලක් වූයේ මින් වසර 17,500කට පමණ පෙර සිට ශාක වගාව පිළිබඳ පොසිල පරාග වාර්තා හෝර්ටන් තැන්න ආශ‍්‍රිතව හමුවීමයි. නමුත් එහිදී පරාග විද්‍යා වාර්තා පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡුා වී තිබුණ ද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික ජන කොටස් හා ගළපා එය සනාථ කිරීමට එතරම් උත්සාහයක් දරා නොමැත.

ඉහත කරුණු අනුව හෝර්ටන් තැන්න ආශ‍්‍රිතව මෙතෙක් සිදුකරන ලද පර්යේෂණයන් පිළිබඳ අවධානය යොමු කරමින් එකී පර්යේෂණ තුළින් මතු වූ නවතම මතවාද පිළිබඳ පුරාවිද්‍යාඥයෙකු වශයෙන් මධ්‍යස්ථ මතයකට ගෙන ඒමට මෙම ග‍්‍රන්ථයේදී බලාපොරොත්තු වමි. එහිදී ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය පිළිබඳව පවතින අවිනිශ්චිත තත්ත්වය ප‍්‍රධාන වශයෙන් සාකච්ඡුා කෙරේ. ඊට අමතරව හෝර්ටන් තැන්න ආශ‍්‍රිත පාරිසරික පුරාවිද්‍යාත්මක වැදගත්කම, ප‍්‍රාග් ඓතිහාසික තත්ත්වය හා ජෛව විවිධත්වය යන කරුණු කෙරෙහි අඩු වැඩි වශයෙන් පරිච්ෙඡ්ද වෙන් කොට ඇත.

 

Reviews

There are no reviews yet.

Be the first to review “e – හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය”
e - හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය
You're viewing: e – හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය රු192.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close