Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

e – සංචාරකයෙකු දුටු මියන්මාරය

රු272.00

Book Details

ISBN : 978-955-0028-47-4
Author : Gamini Palihena
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages : 210 Size : 148 x 210 mm   Weight (kg) : 0.250
E_Book : Available
Web :


Description :සංචාරකයකු දුටු මියන්මාරය
ඉතිහාසය තුළ සහ ආගමික වශයෙන් අප රට සම`ග කිට්ටුව සබ`දතා පැවැත් වු බුරුමය හෙවත් මියන්මාරය පසුගිය අඩ සියවස තුළ දී අප සමාජයෙන් ඈත් විය. මෙම වැදගත් කෘතිය එම අඩුව පුරවයි. මියන්මාර සමාජය අප සමාජයට ඉතාමත් සමීප කරමින් රටවල් දෙක අතර සමානකම් ඉස්මතු කරයි. මියන්මාරයට යන සංචාරකයින් ස`දහා ඇති එකම අත් පොතයි.

, , ENp_012

Description

Miyanmaraya

ගාමිණී පලිහේන මහතා විසින් රචනා කරන ලද ”සංචාරකයෙකු දුටු මියන්මාරය” නමැති මෙම කෘතිය මියන්මාරයේ සංචාරකයක් ස`දහා පිිවිසීමට බලාපොරොත්තු වන ශී‍්‍ර ලාංකික සංචාරකයන් ස`දහා අත්වැලක් සැපයීම අරමුණු කර සකස් කර ඇත. මෙහි දී කතුවරයා ගත් උත්සාහය සාර්ථක වී ඇති බව අපගේ අවංක හැ`ගීමයි.
මියන්මාරයේ වැසියන්ගේ ජීවන රටාව, සිතුම් පැතුම් සහ චාරිත‍්‍ර වාරිත‍්‍ර ද බොහෝ සෙයින් ශී‍්‍ර ලාංකිකයන්ට සමානය. ශී‍්‍ර ලංකාවේ මෙන් මියන්මාරයේ ද ජනගහනයෙන් බහුතරයක් ථේරවාදී බෞද්ධයෝ වෙති. මේ නිසා බෞද්ධ ආකල්ප හා බැ`දුණු ඔවුන්ගේ සිතුම් පැතුම්, චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ අගමික පුද පූජා විධි ශී‍්‍ර ලාංකික බෞද්ධයන්ට බෙහෙවින් සමාන ය. බුදු දහම වෙනුවෙන් මියන්මාරයේ වැසියන් සුවිශේෂ සේවයක් ඉටුකර ඇති අතර ඔවුන් තනා ඇති විහාර, දාගැබ්, සංඝාරාම සහ මියන්මාර භාෂාවෙන් රචනා කර ඇති බෞද්ධ පොත පත ද සුවිශාල වේ. එමෙන්ම ඒවායේ ඔවුනට ම සුවිශේෂ වූ අනන්‍යතාවයක් ද දක්නට ලැබේ.
ඉහත කී කරුණු පිළිබ`දව පාඨකයා දැනුවත් කිරීමට රචකයා විසින් ගෙන ඇති උත්සහය ප‍්‍රශංශනීය වේ. මෙම කෘතියෙහි ස`දහන්වන අනිකුත් කරුණු අතර මියන්මාරයේ ඉතිහාසය, රාජ්‍ය පාලනය, වැසියන්ගේ ආවේනික සිරිත් විරිත්, සංචාරකයෙකු විසින් නැරඹිය යුතු වැදගත් ස්ථාන ද ස`දහන් වේ. සංචාරකයෙකුට වැදගත්වන ගමනා ගමන සහ ඉ`දුම් හිටුම් ආදිය පිළිබ`ද වැදගත් තොරතුරුද මෙහි ඇතුළත් කර තිබීම නිසා සංචාරක ආයතනයක උපකාරයෙන් තොරව මියන්මාරයේ නිදහසේ පෞද්ගලිකව සංචාරයක යෙදීමට අදහස් කරන සංචාරයකයෙකුට වුවද මෙම කෘතිය අත්වැලක් වශයෙන් ප‍්‍රමාණවත් වන බව අපගේ හැ`ගීමයි.

මහාචාර්ය පත්මසිරි කන්නන්ගර
ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශය,
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල,
නුගේගොඩ.
2015 අගෝස්තු 10 වැනි දී ය.

Reviews

There are no reviews yet.

Be the first to review “e – සංචාරකයෙකු දුටු මියන්මාරය”
e - සංචාරකයෙකු දුටු මියන්මාරය
You're viewing: e – සංචාරකයෙකු දුටු මියන්මාරය රු272.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close