Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

සමාජ න්‍යාය සහ භාවිතය

රු200.00

Book Details

Other Publications

ISBN : 1800-2234
Author :නිව්ටන් ගුණසිංහ
Translator :
Publisher :සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
Printed by :සීමාසහිත කරුණාරත්න සහ පුත‍්‍රයෝ
Language : සිංහල
Pages :   59        Size : 130 x 195 x 6 mm     Weight (kg) :  0.080
E_Book :
Web :


Description :

, Op_017

Description

නිව්ටන් ගුණසිංහ 1946 අපේ‍්‍රල් 5 වන දින නාවලපිටියේ දී උපත ලැබීය. ප‍්‍රාථමික අධ්‍යාපනය නාවලපිටියෙන් ද ද්විතීයික අධ්‍යාපනය ගම්පොල වික‍්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද ලබාගත් ඔහු 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු විය. 1973 දී ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබ`ද ශාස්ත‍්‍රපති උපාධිය අත්පත් කරගත් ඔහු 1979 දී එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබ`ද දර්ශනපති උපාධිය අත්පත් කරගති.
ශ‍්‍රී ලංකාව සම්පාදනය කළ පළමුවන මාක්ස්වාදී සමාජ විද්‍යාඥයා ඔහුය. මාක්ස්වාදයේ දැක්වෙන දෘඪ බුද්ධිමය සම්ප‍්‍රදාය ලංකාව තුළ ආරම්භ කළේ නිව්ටන් ගුණසිංහය. මාක්ස්වාදී න්‍යාය විස්තීරණ ක්‍ෂේත‍්‍ර පර්යේෂණය සමග බද්ධ කළ ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය අවධානය යොමු කොට ඇත්තේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ගම්බද පළාත්වල පැවති නිෂ්පාදන සම්බන්ධතා වෙතය. එම නිබන්ධනය 1990 දී සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් ප‍්‍රකාශයට පත් කෙරිණ. මාක්ස් ග‍්‍රාම්ස්චි සහ අල්තුසර් යන චින්තකයින් තිදෙනා නිර්මාණාත්මක ලෙස සංයෝජනය කළ නිව්ටන් ගුණසිංහ ජනවාර්ගිකත්වය, මතවාදය, ප‍්‍රචණ්ඩත්වය යන මාතෘකා ස`දහා විශිෂ්ට ගණයේ රචනා සම්පාදනය කළේය. අන්තවාදී සිංහල සහ දෙමළ ජාතිකවාදය අරක්ගත් දේශපාලනික හා විවාදපාත‍්‍රික පරිසරයක් තුළ නිව්ටන් ගුණසිංහ සිදු කළ මැදිහත්වීමම්තුළින් ගොඩනැගුනේ බුද්ධිමත් ජාත්‍යන්තරවාදයකි.

නවසිය හැටගණන්වල මුලකාලීන පාසැල් සමයේ සිටම නිව්ටන් ගුණසිංහ කොමියුනිස්ට් පක්ෂයේ රැුඩිකල් දේශපාලනයට නැඹුරැු වී සිටියේ ය. ඔහු මහනුවර සිට නාවලපිටිය කරා පැතිර තිබූ ශ‍්‍රමික පංතීන්ගේ තීරැුව තුළ ශිෂ්‍ය නායකයෙකු හැටියට පමණක් නොව වෘත්තිය සමිති කාර්යධරයෙකු හැටියටත් ක‍්‍රියාත්මක විය. තීරුව තුළ ශිෂ්‍ය නායකයෙකු හැටියට පමණක් නොව වෘත්තිය සමිති කාර්යධරයෙකු හැටියටත් ක‍්‍රියාත්මක විය. පසුකාලීනව මහනුවර පිහිටුවන ලද ගොවි කම්කරු ආයතනයේ නිර්මාතෘ වූයේද ඔහුය.

Samaja nya saha havithaya -newton gunasinghe-cover

Additional information

Weight 0.08 kg
Dimensions 130 × 195 × 6 mm

Reviews

There are no reviews yet.

Be the first to review “සමාජ න්‍යාය සහ භාවිතය”
සමාජ න්‍යාය සහ භාවිතය
You're viewing: සමාජ න්‍යාය සහ භාවිතය රු200.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close