Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

රතු පාට බයිසිකලය

රු250.00

Book Details

ISBN : 978-955-0028-19-1
Author : මිරිස්සෙ. එස්. ගල්හේන
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages :  92  Size : 148 x 210 mm       Weight (kg) : 0.110
E_Book : Available
Web :


Description : රතුපාට බයිසිකලය
මෙය ස්වාධීන ළමාකථා නිර්මාණයකි. අතරමං වන ධීවර පවුලක පීඩිත දරුවෙක් අහිංසාව මත පදනම් වු රැකියාවක් කර ජීවිතය සාර්ථක කර ගනී. මෛත්‍රිය සහ කරුණාව ළමයිනට උගන්වන කථාවකි. මෙය දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ අවධානයට ලක් විය යුතු කෘතියකි.

, Np_035

Description

Rathu Pata Bicycle cover

කතු වදන
පාරිසරික ද්‍රව්යවලින් නිර්මාණය වෙමින් හැදී වැඩි පෝෂණය වී “මනුස්ස” යන උසස් නාමය ද පටබැදගෙන උපත ලබන අප, මරණය දක්වා ම යැපෙන්නේ පාරිසරික ද්‍රව්ව්ය මත ය. එසේ නම් මෙලෙස පෝෂණය වෙමින් හැදී වැඩෙන පරිසරයට, එනම් ගංගා, ඇළ -දොළ, සතා -සීපාවා, ගහ -කොළ සහ මිනිසාට සේවය කිරීම අප සතු යුතුකමක් නොව වගකීමකි. උපතත් සමග මරණය තෙක් ලගාවන සම තත්පරයක්ම තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට උත්සාහයේ ම යමෙකු යෙදුනේ නම් හෙතෙම ඉහත වගකීම ඉටු නොකළෙකු වන්නේය.
ලේඛණයේ දී ද , විශේෂයෙන් ම දරුවන් උදෙසා කෙරෙන ලේඛනයේදී මෙම වගකීම් සහගත බවේ බිදකුදු අඩුවීමක් නොවිය යුතුය.
අවිහිංසක දරුවන්ගේ පාඨක ලෝකයට ම මෙලෙස රතු පාට බයිසිකලය දායාද කරන විට ඒ වගකීම පිළිබද හැගීම් මා සිත් හි තදින් මුල් බස තිබුණා ය යනු මාගේ විස්වාසය යි. එහෙත් එය එසේම වී දැයි තීරණය කල හැකි තීරකයා වන්නේ ඔබයි. කවරක් උවත් ඔබේ ඒ තීරණය සතුටින් පිලිගනිමි, දයබරව ම මම.
මෙලෙසින් ඔබගේ එම තීරණය පිලිබදව විමසීමට මා හට ඉඩ අවකාශ සැලසෙන්නේ, මෙම කෘතිය ප්‍රින්න්ටල් පුද්ගලික සමාගමේ සේවක මඩුල්ල මගින් අනගි ලෙස මුද්රණය කරවා, නෙප්චුන් ප්රකාශනයක් ලෙසින් ප්‍රකාශ කිරීමට එම ආයතනයන් හි අධිපති දිනේෂ් කුලතුංගයන් මා ඉහතින් සදහන් කල වගකීම් සහගත ගුණයට දක්වන ඇති සංවේදීතාව නිසා ය.

Additional information

Weight 0.11 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රතු පාට බයිසිකලය”
රතු පාට බයිසිකලය
You're viewing: රතු පාට බයිසිකලය රු250.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close