Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

දුම් කවුළු දෙස බලමි

රු175.00

Book Details

ISBN : 978-955-41178-0-8
Author : රම්‍යා බස්නායක
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 60  Size :148 x 210 mm      Weight (kg) : 0.085
E_Book : Available
Web :


Description : 

දුම් කවුළු දෙස බලමි

කවියෙක්, නවකතාකරුවෙක් සහ පර්යේෂක වරියක් වන රම්යා බස්නායක මෙම පරිනත කවි සන්ග්‍රහයක් පඨකයාට පිලිගන්වයි. ඇගේ කලත්මක නිරීක්ෂණය ගැඹුරු සමාජ අරුත් මවයි.

සම්මාන රැසක් ලබා අති ඇය නව පරපුරේ ප්‍රමුක කවියෙකි.

, Np_022

Description

Print

 

 

 

 

 

 

 

දුම් කවුළු දෙස බලමි
කාව්‍ය සංග‍්‍රහය

පිළිසඳර

හෙළ බස කවියකි. ගැදි, පැදි, නළු ඈ තෙකලාංග වූ කවියෙන් නිර්මිත හෙළ ශෛලියේ පූර්ණ රසය කවිය විසින් ම නිර්මිත ය. එහෙයින් ම කවියකින් ලැබිය හැකි ආත්ම තෘප්තිය ද අපමණ ය.

මවු කුස පිළිසිඳගත් දා සිට කවියේ මුනුමුණුව හඳුනාගන්නා අපි මෙලොවට බිහිවූ මොහොතේ පටන් නැළවිලි ගීයෙන් සුවපත් වන්නෙමු. දුක සතුට වැනි අතිෂය භාවාත්මක අවස්ථාවන්හිදීත්, නිරාමිස චිත්ත ප‍්‍රීතියකදීත් කවිය එකසේ ළෙංගතු ය. මේ අනුව බිළිඳු අවධියේ දී මෙන් ම මරණමංචකය හමුවන මොහොතේදීත් කවිය අප හා අත්වැල් බැඳ ගන්නේ නැළවිලි ගීයේ පටන් ශෝකප‍්‍රකාශය දක්වා බැඳි ඇති කවියෙනි. එහෙයින් ම මම කවියට අතිශයින් පෙම් බඳිමි.

දුම් කවුළු දෙස බලමි යන මාගේ තෙවන කාව්‍ය සංග‍්‍රහය සඳහා කවි බිහි වුයේ වරින්වර ය. එය සංග‍්‍රහයක් ලෙසින් එළි දකින්නේ මාගේ සහෘදයින්ගේ සහ ඇලෙක්සිගේ උනන්දු කිරීම මත ය. සුදත් ගාමිණී බණ්ඩාර හා නිශ්ශංක විජේමාන්න සොහොයුරන් මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු ය.

මාගේ කවි පොතට වදනක් ලියා දෙන්නැයි මා කළ ඉල්ලීම පිළිගෙන,මගේ කවිය ගැන රුවන් වදන් වැලක් ලියා දුන් ප‍්‍රවීන ලේඛක රත්න ශ්‍රී විජේසිංහයන්ටත් කාර්ය බහුලතාව මැද ම පොතට පෙරවදනක් ලියාදුන් ප‍්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධනයන්ටත්, පොතට පසුවදනක් සපයා දුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුනිල් සෙනෙවි මහත්මාටත් ස්තුති කරමි. පොත මනාව මුද්‍රණය කර දුන් ප‍්‍රින්ටෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දේශබන්දු දිනේෂ් කුලතුංග මහතා
ඇතුළු කාර්ය මණ්ඩලයට ද, පොත සකස්කර ගැනීමේදි හා කවර නිර්මාණයෙන්ද දායක වු සුදාරක රංගට විශේෂයෙන් ස්තූතිය පුදකර සිටිමි. ඇලෙක්සි සහ සජී පුතු සෙනෙහසින් සමරමි.

රම්‍යා බස්නායක,
ඉපරාසට්බ්එැබබ්?ටප්සකගජදප
0718481578
සිප් සෙවන, දිගනතැන්න, බණ්ඩාරවෙල.

Additional information

Weight 0.085 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දුම් කවුළු දෙස බලමි”
දුම් කවුළු දෙස බලමි
You're viewing: දුම් කවුළු දෙස බලමි රු175.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close