Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

වැදි ජන උරුමය

රු2,400.00

Book Details

ISBN : 978-955-0028-08-05
Author : Priyashantha Gunawardena, Gamini Adikari
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 392  Size : 210 x 297 mm      Weight (kg) : 1.065
E_Book : Available
Web :


Description : වැදි ජන උරුමය
වේගයෙන් නවීකරණය වන ශී‍්‍ර ලංකාවේ වැදි ජනතාවගේ උරුමය, ඉතිහාසය සහ සාමාජික තත්ත්වය ගැන දැනට නිකුත් කර ඇති පළල් ම කෘතියයි. ජීව විද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක දත්ත සහ පර්යේෂණ ප‍්‍රතිඵල දක්වයි. සෑම අධ්‍යාපන ආයතනයක ම තිබිය යුතු කෘතියකි. ප‍්‍රවීණ සංස්කාරක මණ්ඩලයක් විසින් ලියැවී ඇත.

, Np_021

Description

Vaddhi Jana Urumayaවැදි ජන උරුමය

ප්‍රියශාන්ත ගුණවර්ධන, ගාමිණී අධිකාරි, හරෙන්ද්රලාල් නාමල්ගමුව, ජයම්පත් සේනානායක, උමන්ගා රොෂාණි, නලීන් දීපාල් මුණසිංහ

ලෝකයේ රටවල් 72 ක පමණ ජිවත් වන ආදීවාසී ජනතාව බලසම්පන්න මහසමාජ හා සැසදීමේ දී අවාසනාවන්ත තත්වයක පසුවන බව පැහැදිලි වේ. විශ්ෂයෙන් දියුණු වෙමින් පවත්නා රටවල ජිවත් වන මෙම ආදිවාසි ජනතාව ගෝලීය සම්මන්ත්රණවල අවදානයට ලක් නොවේ. එබැවින් ස්වදේශීය ජනතාව සම්මන්ත්රණ හා සාකච්ඡාවල දී ඔවුන්ගේ අවශ්යතාවයන් අවදාරණය කිරීම වැදගත් අවශ්යතාවයක්ව පවතී. එවැනි ප්රවේශයක් මගින් කලාපීය හා ජාත්යන්තර සුහදතාව වර්ධනය කොට සහයෝගිතාවයකින් යුතු ලෝක සමාජයක් ගොඩනැගීමට හැකි වනු ඇත (වොබ්ස්ට් 2005).
ශ්රී ලංකාවේ ආදී මී මුතු පරම්පරාවට අයත් පදිංචිකරුවන් පිළිබද සලකා බැලීමේ දී වැදි ජනතාව ආදී මනුෂ්ය කණ්ඩායමකට අයත් බව පෙනේ. කාල වර්ණ හමක් ද, දිගු හිසක් හා පළල නහයක්ද සහිත මෙම පිරිස ඔස්ට්රොලොයිඩ් ආසියාතික වර්ගයට අයත් වෙති. ඝර්ම කලාපීය වනාන්තරවල වසර මිලියන ගණනකට ඉහත දී පරිණාමය වු මෙම පිරිස පසුව දකුණු හා අග්නිදිග ආසියාතික රටවලට සංක්රමණය වී ඇත. නැගෙනහිර ඉන්දියාවේ මුණ්ඩ හා සැන්ටාල්, මැලේසියාවේ සකායිවරු, ඕස්ට්රේලියාවේ ඇබෝරිජින්ස්වරු ද ඔවුන්ට අයත් වෙති. මේ සියල්ලන්ගේම භෞතික ලක්ෂණ වැදි ජනතාවට සමානත්වයක් පෙන්වනු ලැබේ. ඔවුන්ගේ ජන ජීවිතය ප්රාථමික තත්වයේ ලා සැලකෙන අතර, දඩයම් කිරීමේ හා අහාර රැස් කිරීමේ එහි පදනම විය. එබැවින් මෙම කලාපයේ ඉතා පැරණි ජනාවාස පසුබිමක් හදුනාගත හැකි ය (Hawkey 2002).

Additional information

Weight 1.065 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වැදි ජන උරුමය”
වැදි ජන උරුමය
You're viewing: වැදි ජන උරුමය රු2,400.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close