Neptune Publications

Need help? Call Us: +94 77 105 0863

In Stock

සිනාලන්තය

රු480.00

Book Details

ISBN : 978-955-0028-40-5
Author : Aruna Eranga Dissanayake
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages :  210  Size : 148 x 210 mm      Weight (kg) : 0.265
E_Book : Available
Web :


Description : සිනාලන්තය
සමාජ-විවේචක සහ උපහාසාත්මක සිනා කථා 270 ක් කතුවරයා එකතු කර ඇත. මෙය වර්තමාන සිංහල සාහිත්‍යයට නව එකතු කිරීමකි. සෑම මට්ටමක ම පාඨකයකුගේ සමාජ පරිනතභාවය සහ අවබෝ්ධය ඉහළ නැංවීමට උදව් දෙන නව පියවරකි.

, Np_014

Description

Sinalanththaya Sinalanththaya-backcover

හාස්‍යය, උපහාසය, සිනාව, විහිළුව අපට අළුත් දෙයක් නොවේ. ඈත අතීතයේ පටන්ම සිංහලයා සිනාසීමට, රසකථා ඇසීමට ප‍්‍රිය කර ඇත. පුරාණ කාලයේ රජ වාසලේ කවටයා වන ‘‘අන්දරේ’’ ගේ කථා සිංහල අපට හොඳින් හුරු පුරුදුය. ජීවන බරින් මිරිකී සිටින මිනිසා ඒ අතරතුර මඳ විරාමයකට හෝ අස්වැසිල්ලක් ලද විට රස කථාවක් කියා සිනාසී ජීවිතයේ දුක, වෙහෙස නිවා ගැනීමට ඉතා අහිංසක වූත්, සුන්දරවූත්, උත්සාහයක් දරන්නේය. නිවසේ දී පමණක් නොව, ඉන් පිටතදී හෝ රැුකියාව කරන ස්ථානයේ හෝ කුමන තැනකදී වුව ලද විරාමයක දී රසබර විහිළු කථාවක් කියා මිතුරන් සිනාගන්වන අවස්ථා වර්තමානයේ වුවද අපට දැකගත හැකි වන්නේය. මෙවැනි අවස්ථාවක දී එම කථා අසන්නා විඳින මිහිර, සතුට, විනෝදය මෙතෙකැයි කියා නිම කළ නොහැකි වන්නේය.

විද්‍යුත් මාධ්‍යයෙන් මෙන්ම මුද්‍රිත මාධ්‍යයෙන් ද විහිළුවට, හාස්‍යයට ප‍්‍රමුඛස්ථානයක් දී ඇති බව පෙනේ. මුද්‍රිත මාධ්‍යය බිහිවූ දා පටන්ම නොයෙකුත් ආකාරයේ රසකථා පළවීම දැකිය හැක. දිනපතා පුවත්පත්වල මෙන්ම සති අන්ත පුවත්පත් වලත් විකට කාටුන්, කාටුන් චිත‍්‍ර කථා යනාදියට වැඩි තැනක් ලබා දී ඇත. ඒවා ‘‘චිත‍්‍රකතා කාටුන්’’, ‘‘පොකැට් කාටුන්’’, ‘‘තීරු කාටුන්’’ යන ලෙස චිත‍්‍ර සහිතව ඉතා මනහර ලෙස නිර්මාණය වී ඇත. එසේ නිර්මාණය වූ ‘‘ගජමෑන්’’, ‘‘පුංචි සිංඤෝ’’, ‘‘මාර පුත‍්‍රයා’’, ‘‘අප්පුහාමි’’, ‘‘සිල්වා’’, ‘‘අබරං සීයා’’, ‘‘මොට්ටපාල’’, ‘‘රාලහාමි’’, ‘‘සුවාරිස්’’, ‘‘මල්මාමා’’ යන අතිශයින්
ජනප‍්‍රිය කාටුන් චරිත අප පාඨකයාට තවමත් මතක ඇතුවා නිසැකය.

විද්‍යුත් මාධ්‍යයෙන් ද මෙම කලාවට විශේෂ ස්ථානයක් ලබා දී ඇති බව පෙනේ. එදා මෙදා තුර කාලයේ දී රසිකයාට නැරඹීමට හැකි වූ ‘‘මිස්ටර් බීන්’’, ‘‘චාර්ලි
චැප්ලින්’’ වැනි ජනප‍්‍රිය විකට චරිතයන් ඇතුළත් හාස්‍යමය ජවනිකා තුළින් මෙම ප‍්‍රහසන කථා කලාව වඩාත් වර්ධනය වී ඇති බව පෙනේ.

Additional information

Weight 0.265 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිනාලන්තය”
සිනාලන්තය
You're viewing: සිනාලන්තය රු480.00
Add to cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Shopping cart close