Description
මහනුවර ලෝක උරුම නගරය
ශි‍්‍ර ලංකාවේ පැරණි රාජධානි අතර මහනුවරට හිමිවනුයේ අදිවිතීය ස්ථානයකි. එකල පැවති සමාජීය හා දේශපාලනික අර්බුද හේතුවෙන් රාජ්‍යත්වය රජරට සිට වයඹ දෙසට විතැන් වීමක් සිදුවිය. එලෙස ස්ථාපිත කරගනු ලැබු ප‍්‍රාදේශිය රාජධානි වු දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ හා කෝට්ටේ ආදි රාජධානි අතුරින් මහනුවර රාජධානිය ප‍්‍රධාන ස්ථානයක් ගනී. මහනුවර අතීතයේ පටන් මලය දේශය” මල රට්ඨ ලෙසද පසුකාලීනව කන්දේ රාජ්‍යය හා කන්ද උඩරට ලෙස හ`දුන්වන ලදි. පසුකාලීනව පෘතුගීසින් විසින් ‘කැන්ඩි :ක්‍්බාහ*’ යන නමින්ද ලන්දේසීන් විසින් ‘කැන්ඩියා :ක්‍්බාස්*’ ලෙසද ඉංගි‍්‍රසීන් විසින් ‘කැන්ඩි :ණ්බාහ*’ යන නමින්ද මහනුවර හ`දුන්වනු ලැබීය.
රාජ්‍යත්වය අනුරාධපුර රාජධානියේ සිට වයඹ දෙසට විතැන්වීමේදි රාජධානියක් වශයෙන් මහනුවර තෝරාගැනීමට ප‍්‍රධාන වශයෙන් හේතුවූයේ එහි පිහිටීමය, මහනුවර නගරය වටා වන දුර්ග, ජල දුර්ග, ගිරි දුර්ග වැනි ස්වභාවික භූමි පිහිටීමක් දැකිය හැකි වේ. දිවයිනේ පිහිටි අනෙකුත් රාජධානිවලට වඩා මෙම ලක්‍ෂණ රාජ්‍යයක ආරක්‍ෂාව ස`දහා ඉතා උචිත වන හෙයින් පැරණි රජදරුවෝ එම ස්වභාවික පිහිටීම උපයෝගි කරගනිමින් දළදාවහන්සේද ආරක්‍ෂාකරගනිමින් මහනුවර රාජධානියක් වශයෙන් ස්ථාපිත කරගත්හ. මේ නිසාම අතීතයේ සිටම මහනුවර ප‍්‍රදේශය හ`දුන්වනු ලැබුවේ ඝන වනාන්තරයන්ගෙන්, නැගීමට අපහසු කදුශිඛර වලින් යුත් කිඹුලන් ගහණ ජලපහරවල් හා වන සතුන්ගෙන් ගහණ අතිශය දුෂ්කර ප‍්‍රදේශයක් ලෙසිනි.
![Info - Travel Kandy [Sinhala]](https://neptunepublications.com/wp-content/uploads/2015/02/Kandy-Sinhala.jpg)



![Info Travel Sri Lanka [12th Edition]](https://neptunepublications.com/wp-content/uploads/2016/09/pdf-1118-page-00001-400x400.jpg)
Reviews
There are no reviews yet.