Info – Travel Polonnaruwa [Sinhala]

£320.00

Book Details

ISBN : 978-955-028-45-0
Author : Dinesh Kulatunga
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages :   46         Size : 127 x 177 mm      Weight (kg) : 0.065
E_Book : Available
Web :


Description : Info Travel පොත් මාලාව
ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර සංචාරකයින් සඳහා සකස් වී ඇති වඩාත්ම විස්තර සහිත පොත් මාලාවෙන් එකකි. සංචාරකයින්, ශිෂ්‍යයින්, ගුරුවරුන් ඇතුළු සෑම අයෙකුට ම ළඟ තබා ගත යුතු අත් පොතක් වෙයි. අදාළ ප‍්‍රදේශයේ ඓතිහාසික, සාමාජික සහ ආගමික දැනුම ලබා දෙන අධ්‍යාපන අවියකි. සෑම පුස්තකාලයකම සහ සෑම නිවසකම තබා ගත යුතු කෘති මාලාවකි.

SKU: Np_006 Category: Tags: ,

Product Description

Info-travel Polonnaruwa Cover Sinhala Front

පොළොන්නරුවේ ඇති සුවිශේෂත්වය කුමක්ද?

ගෘහ හා නගර නිර්මාණ ඉතාමත් ම සුවිශේෂ ආකාරයෙන් සැළසුම් කර තිබූ ආකාරය විද්‍යාමාන වන නටඹුන් අදටත් මැනවින් දැකගත හැකි ලංකාවේ හො`දම ස්ථානය වන්නේ පැරණි පොළොන්නරු නගරය යි. ක‍්‍රි:ව 993 දී චෝලයින් විසින් අනුරාධපුර රාජධානිය ආක‍්‍රමණය කර විනාශ කිරීමෙන් අනතුරුව පොළොන්නරුව නගරය රටේ අගනුවර බවට පරිවර්තනය විණි. චෝලයින් විසින් පොළොන්නරු නගරය එසේ තෝරා ගනු ලැබුවේ එහි පිහිටීම, උපාය මාර්ගික ව වඩාත් වැදගත් වේ යැයි හැ`ගී ගිය නිසා ය. ඒ වන විටත් පොළොන්නරුව නගරය වැඩි දියුණු කරලීම ස`දහා එතෙක් අනුරාධපුර රජ කළ ශ‍්‍රී ලාංකික රජවරුන් විසින් විවිධ වූ සංවර්ධන කාර්යයන් ඉටුකරනු ලැබිණ. 6 වන අග්ගබෝධි රජ (ක‍්‍රි:ව 667 – 683* පොළොන්නරුවේ සිටි ප‍්‍රථම රජු ලෙස සටහන් වී ඇත. එසේ ම අනුරාධපුර යුගයේ දී සතුරු උවදුරුවලට ලක් වූ අවස්ථාවල දී රජවරුන් විසින් පෙළොන්නරුව ඔවුන්ගේ ආරක්‍ෂිත වාසස්ථානය බවට ද පත්කර ගනු ලැබිණ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රාජධානිය වූ අනුරාධපුර රාජධානිය වසර 1500 ක කාලයක් පැවැතියේ ය. එහි ආරම්භය සිදු වූයේ ක‍්‍රි:පූ 4 වන සියවසේ දීය. ක‍්‍රි:ව 993 දී දකුණු ඉංදියානු චෝල අධිරාජයා විසින් අනුරාධපුර රාජධානිය ආක‍්‍රමණය කර ”මුණ් මුඩ චෝල මංඩලම්” නැමැති අධිරාජ්‍යයේ ප‍්‍රාන්තයක් බවට පත් කරනු ලැබිණි. එය ”ඊල මණ්ඩලම්” ලෙස නම් කෙරිණි. අනුරාධපුර රාජධානියේ අවසන් රජු වූ 5 වන මහින්ද රජු චෝලයින් විසින් අත්අඩංගුවට ගෙන දකුණු ඉංදියාවට ගෙනයනු ලැබූ අතර එහි සිරගත ව සිටිය දී ඔහුගේ අභාවය ද සිදු වී ඇත. අනුරාධපුර නගරය කොල්ලකා විනාශ කිරීමෙන් පසු ”ජනනාථ පුර” නමින් ඔවුන්ගේ අග නගරය බවට පොළොන්නරුව පත්කර ගනු ලැබිණි. ඒ ක‍්‍රි:ව 1017 දීය.

මේ කාලයේ දී මෙම පළාත්වල ජීවත් වූ වැසියෝ චෝලයින්ගේ කෲර වධ බන්ධනවලින් මිදි රුහුණු රටට පළා ගියහ. මෙම කාල වකවානුවේ දී ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය වෙනස් කිරීමට හා ඊට බලපෑම් කිරීමට හින්දු භක්තික පාලකයින් බලපෑම් කළ අතර ඒ බවට හො`දම සාක්ෂිය ලෙස පොළොන්නරුව පැරණි නගරය පුරා විසිර පවතින ශිව හා හින්දු කෝවිල් දැක්විය හැකිය.රුහුණු රටෙහි වැසියෝ චෝලයින්ගේ මෙම ක‍්‍රියා කලාපයන්ට විරුද්ධ ව විවිධ අයුරින් නැ`ගී සිටයත් ඒවාට යම් නායකත්වයක් දුන් 5 වන මිහිදු රජුගේ පුත් කුමරා ද ඒ අතර මරණයට පත් විය.

Additional Information

Weight 0.065 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Info – Travel Polonnaruwa [Sinhala]”