හෙළ කිතුනු ගීතිකාවේ සම්භවය හා විකාශය

£360.00

Book Details

ISBN : 978-955-41178-1-5
Author : රම්‍යා බස්නායක,
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : English
Pages : 164  Size : 148 x 210 mm      Weight (kg) : 0.195
E_Book : Available
Web :


Description : හෙළ කිතුනු ගීතිකාව
සිංහල ක‍්‍රිස්තියානි ගීතිකාව සිංහල සංගීතයේ විකාශනයේ වැදගත් අවස්ථාවකි. මෙම කෘතිය එහි විකාශනය සහ වර්ධනය පැහැදිලි කරයි. ලංකාවේ සාහිත්‍ය කලා විකාශනය ගැන අධ්‍යයනය කරන ශිෂ්‍යයින්ට සහ පර්යේෂකයින්ට අත්‍යාවශ්‍ය අත් පොතකි.

SKU: Np_023 Category: Tags: ,

Product Description

Print

 

පෙරවදන

රම්‍යා  බස්නායක ග්‍රන්ථ නිර්මාණකරණයේ විපුල අත්දැකීම් සහිත කතෘවරියකි. ඇය මෙතෙක් දායාද කළ තිස් ගණනක් ඉක්මවන කෘතින්වලින් ඒ බව මොනවට විද්‍යමාන වේ. ළමාකතා, කෙටිකතා,නවකතා, කාව්‍ය,සාහිත්‍ය විමර්ශන සහ ප්‍රාථමිකයේ සිට උසස් පෙළ දක්වා ම ළමුන් සදහා සැකසුනු භාෂා  දැනුම් පොත් පෙළ මිට නිදසුනකි. ඒ අතර ට ඇය අලුතෙන් එකතු කරගන්නා විමර්ශන ක්ෂේත්‍රයේ කිතුනු ආගමික සංගීතය යි. මීට ටික දිනකට ඉහතදී එළි දක්වන ලද කිතුනු ගීත හා ගීතිකා විමර්ශනය නම් කෘතිය ද මේ ක්ෂේත්‍රයට ඇය දක්වන ඇල්ම පිළිබිඹු කරයි.

රම්‍යා කිතුනු බැතිමතියක්  නොවේ. තමන්ගේ ලබ්ධියට පරිබාහිර ආගමික ක්ෂේත්‍රයක් වාස්තවිකව විමර්ශනය කිරීම පරිනත ලේඛිකාවකගේ සබැ හැඩරුව විදහා දක්වයි. මේ විෂය සම්බන්ධයෙන් ඇය සතුවන්නේ හුදු විමර්ශනය ඇල්මක් පමණක් නොවේ. කිතුනු සංගීතය නම් විෂය ක්ෂේත්‍රයේ දිග පළල දැනගන්නට සහ එය අව්‍යාජ ව අගයන්නට ඇය තුල ඇති ඇල්ම මෙතකින් නවතී යැයි විශ්වාස කරන්නට බැරි ය.ඒ පිලිබදව තව තවත් ගවේෂණය කරන්නට ඇය උත්සුක වන බව දැකීම අපගේ සතුට යි. හෙළ කිතුනු ගීතිකාවෝ සම්භවය හා විකාශය යන මැයින් එලි දැක්වෙන මෙම කෘතිය මේ විෂය හා බැඳුණු කරුණු බොහෝමයක් විචාරශීලීව පාඨකයාට තිළිණ කරයි. හෙළ කිතුනු සාහිත්‍ය පිළිබඳව සංක්ෂිප්ත විමසුමක්, පුරන ගිවිසුමේ සංගීත සම්ප්‍රදාය පිලිබඳ සටහනක්, කිතුනු ගීතිකා හා කිතුනු ගී ප්‍රභේද පිලිබඳ විස්තරයක් සහ වර්තමානයේ කිතුනු ගිතිකාවෝ අනන්‍යතාව පිලිබඳ විමර්ශනාත්මක ප්‍රකාශනයක් මෙහි අන්තර්ගත වීම සතුටට කරුණකි. කතෝලිකයන් වන අප විසින් ඉටු කල යුතු මෙහෙවරක් බොදුනු බැතිමත් ලේඛිකාවකගේ පන්හිඳෙන් දේව ජනතාවට මෙන් ම සමස්ත ශ්‍රී ලාංකේය පාඨක සමාජය වෙත ම තිලිණ වීම අප දකින්නේ  දේව ආශීර්වාදයක් ලෙසම ය. අන්තවාදී,වර්ගවාදී, බෙඳුම්වාදී, හා ආගම්වාදී ලෙස ධ්‍රැවගත වන්නට පිඹුරුපත් සකස් කර එම විෂ සැලසුම් තිරශ්චින යථාර්තයන් බවට පත් කරමින් සිටින සමාජ කොටස්වලට ම්මේවන් නිර්මාණ දැවැන්ත අභියෝගයන් වනු ඇත.

 

Additional Information

Weight 0.195 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හෙළ කිතුනු ගීතිකාවේ සම්භවය හා විකාශය”