ශී‍්‍ර ලංකාවේ සමාජ ප‍්‍රශ්න

£420.00

Book Details

ISBN : 978-955-0028-48-1
Author : Charith Amarasekara
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala
Pages :  188    Size : 148 x 210 mm      Weight (kg) : 0.200
E_Book : Available
Web :


Description : ශී‍්‍ර ලංකාවේ සමාජ ප‍්‍රශ්න
සමාජයේ සාමාන්‍ය ප‍්‍රශ්න වල සාමාජික වැදගත්කම ඉස්මතු කෙරෙන මෙම සමාජ විද්‍යාත්මක කෘතිය සාමාන්‍ය පාඨකයාට එල්ල කරමින් ලිහිල් බසින් ලියා ඇත. අලි ප‍්‍රහාර, අනුවේදනීය ඝාතන ආදී සමාජ ව්‍යසන ගැන කතුවරයා විමර්ශනකාරී කතිකාවතක් අරඹයි.

SKU: Np_037 Category: Tags: ,

Product Description

Samaja Prashna Cover

මෙම කෘතිය එළිදක්වන මොහොත වන විට මෙරට සමාජ සන්දර්භය පිළිබඳව මොහොතක් සිතන්න. ගම් වැදුණු වන අලි ප‍්‍රහාරයකින් මාධ්‍යවේදියෙකු මිය ගොස් ඇත. පාළු නිවසක අඹු සැමියන් ඝාතනය කොට දියණිය පණ පිටින් ළිඳකට දමා ගොස් ඇත. වයස අවුරුදු පහක සිඟිති දියණියක නිදි ඇඳේදී අතුරුදහන් වී පසුදා ලිංගික අපයෝජනයට ලක් වූ ඇයගේ මළ සිරුර නිවස අසල කැළයකින් සොයාගනු ලැබීය. පශ්චාත් යුධමය වාතාවරණයක් තුළ විවිධ වෙස්ගත් සමාජ ප‍්‍රශ්න දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. නමුත් මේවා කිසිවක් අහම්බයන් නොවන්නේය. එබැවින් මේ පිළිබඳ නව කථිකාවතක් සමාජය තුළ ඇතිවිය යුතුමය. චරිත් අමරසේකර මෙම කෘතිය තුළින් එවැනි කථිකාවතකට හොඳ ප‍්‍රවේශයක් සපයයි. ඔහු කෘතිය හරහා සාකච්ඡුා කරන සමාජ ප‍්‍රශ්න කෘතිය එළිදැක්වීමටත් මත්තෙන් මහා සමාජ ඛේදවාචකයක් ලෙස දෘශ්‍යමාන වීම පුදුම සහගතය.
අධ්‍යයන සහ න්‍යායාත්මක දැනුම කොතෙක් තිබුණ ද ඒ දැනුම සාමාන්‍ය සමාජයේ ප‍්‍රශ්න හා ගැටලූවලට විසදුම් සෙවීමට යොදා ගැනෙන අවස්ථා දුබලය. නමුත් චරිත් අමරසේකර සමාජ විද්‍යාත්මක දැනුම සමකාලීන සමාජ ප‍්‍රශ්න විවරණය කිරීම සඳහා මනා ලෙස යොදා ගෙන ඇත. ඔහුගේ භාෂා වින්‍යාසය සරලය. ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට කියවා තේරුම් ගත හැක. ‘ශ‍්‍රී ලංකාවේ සමාජ ප‍්‍රශ්න – සමාජ විද්‍යාත්මක ලිපි පෙළක්’ කෘතිය තුළින් සාකච්ඡුා කෙරෙන්නේ සමාජ ජීවීන් ලෙස ඔබත්, මමත්, අප සෑම දෙනෙක්ම අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ අඩු වැඩි වශයෙන් අත්විඳි, අත් විඳින ප‍්‍රශ්න හා ගැටලූ පිළිබඳවයි. එබැවින් සමාජය ගැන සම්බුද්ධික ඕනෑම පරාසයක කෙනෙකුට මෙම කෘතිය කියවීම වැදගත් වනු ඇත. මම චරිත් අමරසේකරට සුභ පතමි. සමාජය වෙනුවෙන් ස්තූතිවන්ත වෙමි. එපමණක් නොව ඔබට මෙම කෘතිය තුළින් සමාජය කියවීමට ආරාධනා කරමි.
අනුෂ්ක බණ්ඩාර
සහකාර අධයක්‍ෂ,
ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය,
පොල්ගොල්ල.

Additional Information

Weight 0.200 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශී‍්‍ර ලංකාවේ සමාජ ප‍්‍රශ්න”