පනස් වසරක පාර්ලිමේන්තු වාර්තාකරණය

£480.00

Book Details

ISBN : 978-955-0028-49-8
Author : S. Thillainathan
Translator :
Publisher : Neptune Publications
Printed by : Printel
Language : Sinhala / Tamil
Pages : 232  Size : 148 x 210 mm   Weight (kg) : 0.375
E_Book : Available
Web :


Description :පනස් වසරක පාර්ලිමේන්තු වාර්තාකරණය
ලංකාවේ ජේෂ්ඨම පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු වන කතුවරයා තම දුර්ලභ අත්දැකීම් සහ දැනුම් සම්භාරය විදහා දක්වයි. දේශපාලනයේ ඉහළ මට්ටම් ගැන සමීප දැනුම ඔහු පාඨකයාට ගෙන එමින් අපගේ අවබෝධය ඉහළ නංවයි. ආධුනිකයින්ට සහ ප‍්‍රවීණයන්ට මෙම කෘතිය එකසේ වැදගත් ය.

SKU: Np_039 Category: Tags: ,

Product Description

Mr. Thillainathan Cover

ලංකාවේ සිටින ජ්‍යේෂ්ඨම ජනමාධ්‍යකරුවෙකු වන එස්. තිල්ලෙයිනාදන් පුවත්පත්, ගුවන්විදුලි හා රූපවාහිනිය ඔස්සේ පැතිරීගිය දුර්ලභ අත්දැකීම් හා දැනුම් සම්භාරයක් රැුස් කරගෙන සිටින්නේය. ත‍්‍රයිභාෂික තිල්ලෙයිගේ මතකය අපූරුය. ලංකාවේ ජනමාධ්‍ය කරුවන්ට සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට ඒක භාෂා සාටකයකින් විලි වසාගෙන අ`දුරු ගුහා තුළ සිර නොවුණු ඔහු මේ රටේ පාර්ලිමේන්තුවට පත් වූ මහජන නියෝජිතයින් වැඩි දෙනෙක් තම තමන්ගේ මව් බසින් කළ කතා පනස් වසරක් පුරා අසා බලා වාර්තා කළේ ය. සේනානායකලාගේ පටන් බණ්ඩාරනායකලා දක්වා ද චෙල්වනායගම්ලාගේ පටන් සම්බන්දන්ලා දක්වා ද බද්දුද්දීන් මහමුද්ලාගේ පටන් රවුෆ් හකීම්ලා දක්වා දේශපාලකයන්ගේ කියුම්-කෙරුම් ඔහු සජීවීව අසා සිටියේ ය.
දේශපාලනිකව, වාර්ගිකව හා පුද්ගලිකව එකිනෙකාට පරසතුරු වූ දේශපාලකයන් තිල්ලෙයි පුද්ගලිකවම දැන සිටියේ ය. මේ රටේ දී අනෙකා වූ දෙමළා හැටියට, ඔහු ජාති, ආගම්, භාෂා හා ප‍්‍රදේශ අනුව බෙදුනු දෙශපාලකයන් එංගලන්ත රැුජින යටතේ ඩොමීනියන් පාර්ලිමෙන්තුව තුළ මෙන් ම සමූහාණ්ඩු ශ‍්‍රී ලංකාව තුළ හැසුරුණු ආකාරයත් හො`දින් ම නිරීක්ෂණය කළේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, අගමැතිවරුන් යටතේත් විධායක ජනාධිපතිවරුන් යටතේත් ක‍්‍රියා කරන ආකාරය අධ්‍යයනය කළේය.
මේ අගනා ග‍්‍රන්ථය තිල්ලෙයිගේ ජීවිත කාලය පුරා ලබාගත් ජනමාධ්‍ය අත්දැකීම් වල සාරයයි. එය රස නොනසා රචිතය.
ආධුනික-ප‍්‍රවීණ ජනමාධ්‍යකරුවන්ට මෙන්ම දේශපාලනය ගැන උනන්දු වන සකල සත්වයන්ටම මේ ග‍්‍රන්ථය අතිශයින් ම ප‍්‍රයෝජනවත් ය.
නන්දන වීරරත්න
හිටපු ජ්‍යේෂ්ඨ නිෂ්පාදක
බී.බී.සී. ලෝක සේවය, ලන්ඩනය.

Additional Information

Weight 0.375 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පනස් වසරක පාර්ලිමේන්තු වාර්තාකරණය”